
රුසියන් යුක්රේන අර්බුදය මුල්කොට ගනිමින්, රුසියාව කිසිම අවස්ථාවක ඇමෙරිකාව සමඟ හෝ ‘නේටො’ හෙවත් ‘උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය’ සමඟ හෝ යුද්ධයකට පැටලෙන්නේ නැතැයි ජගත් බුද්ධි අංශ නිකුත් කළ වාර්තාවේ සඳහන් වෙයි.
සෑම වසරකම ජගත් බුද්ධි අංශ එක් වී, ලෝකයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් මෙසේ තක්සේරු වාර්තාවක් එළිදක්වයි. මෙවර එම වාර්තාවේ රුසියන් යුක්රේන අර්බුදය කෙරෙහි වැඩි අවධානයක් යොමු වී තිබේ.
‘රුසියාව කිසිම අවස්ථාවක ඇමෙරිකාව සමඟ හෝ නේටෝ හමුදා සමඟ ගැටුමක් ඇති කර ගන්නේ නැහැ. එසේ ගැටුමක් නිර්මාණය වුවහොත් එය මහා විනාශයක් වේවි. තෙවැනි ලෝක යුද්ධය තෙක් දුරදිග යාවි. ඒක සියලු දෙනා දන්නවා.’ යැයි බුද්ධි වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd