
අනවසර සංක්‍රමණිකයන් 47 දෙනකු රැගෙන ඉතාලිය දෙසට යාත්‍රා කළ කුඩා බෝට්ටුවක් ලිබියාවට ඔබ්බෙන් මුහුදේ දී අනතුරට පත් විය.
ඉතාලි වෙරළාරක්ෂක නිලධාරීන් උපුටා දක්වමින්, විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බෝට්ටුවේ සිටි 47 දෙනාගෙන් 30 දෙනකු මියගිය බවත්, 17 දෙනකු දිවි ගලවා ගත් බවත්ය.
බෝට්ටුව අනතුරට පත් වූයේ එය ඉතාලිය දෙසට යාත්‍රා කරද්දී, සැඬ රළ පහරට හසුවීමෙනි. බෝට්ටුව අනතුරට පත්වූයේ අයහපත් කාලගුණය හේතුවෙනි.
බෝට්ටුවේ සිටි වැඩි දෙනා ගැටුම්වලින් හෙම්බත් වී, පීඩාකාරී ජීවිතයෙන් මිදී යුරෝපයට යෑමට උත්සාහ ගත් ලිබියානුවන් යැයි ඉතාලි රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd