ඇෆ්ගනිස්තානයේ උතුරු දෙසින් පිහිටි බලක් පළාතේ ආණ්ඩුකාරවරයා ඝාතනය කර ඇතැයි බීබීසී පුවත් සේවය පවසයි.
ආණ්ඩුකාර මොහම්මද් දාවුද් මුසම්මිල් ඝාතනය කර ඇත්තේ ඇෆ්ගනිස්තානයේ අයි.එස්. ත්‍රස්තවාදීන් යැයි චෝදනා එල්ල වී තිබේ.
බලක් පළාතේ අගනුවර ලෙස සැලකෙන්නේ මසාර් ඊ ෂාරිෆ් ය.
මොහම්මද් දාවුද් මුසම්මිල් සිය කාර්යාලයේ රාජකාරිවල නියැලෙමින් සිටිද්දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.
ඇමෙරිකන් හමුදා පිටවී යෑමෙන් පසු තලේබාන් සංවමිධානය යළි ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගත්තේ 2021 වසරේ දීය.
ඉන්පසු ඝාතනයට ලක්වුණු ජ්‍යෙෂ්ඨතම තලේබාන් නායකයා ලෙස මොහම්මද් දාවුද් මුසම්මිල් සැලකිය හැකිය.
(බීබීසී)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
තලේබාන් ප්‍රධානියෙක් මරා දැමේ