
ඇෆ්ගනිස්තානයේ උතුරු දෙසින් පිහිටි බලක් පළාතේ ආණ්ඩුකාරවරයා ඝාතනය කර ඇතැයි බීබීසී පුවත් සේවය පවසයි.
ආණ්ඩුකාර මොහම්මද් දාවුද් මුසම්මිල් ඝාතනය කර ඇත්තේ ඇෆ්ගනිස්තානයේ අයි.එස්. ත්‍රස්තවාදීන් යැයි චෝදනා එල්ල වී තිබේ.
බලක් පළාතේ අගනුවර ලෙස සැලකෙන්නේ මසාර් ඊ ෂාරිෆ් ය.
මොහම්මද් දාවුද් මුසම්මිල් සිය කාර්යාලයේ රාජකාරිවල නියැලෙමින් සිටිද්දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.
ඇමෙරිකන් හමුදා පිටවී යෑමෙන් පසු තලේබාන් සංවමිධානය යළි ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගත්තේ 2021 වසරේ දීය.
ඉන්පසු ඝාතනයට ලක්වුණු ජ්‍යෙෂ්ඨතම තලේබාන් නායකයා ලෙස මොහම්මද් දාවුද් මුසම්මිල් සැලකිය හැකිය.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd