‘ටොක්ශානා’ නඩු විභාගය සඳහා පෙනී සිටීමට ඉස්ලාමාබාද් අධිකරණ සංකීරණයට තමා පැමිණියත්, මෝටර් රථයෙන් පිටතට නොපැමිණියේ, හඳුනා නොගත් පුද්ගලයන් පිරිසක් තමා ඝාතනය කිරීමේ චේතනාවෙන් අධිකරණ සංකීරණයේ ස්ථාන ගත වී සිටි නිසා බව පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් චෝදනා කර ඇත.
තමන් අධිකරණ සංකීරණයෙන් වහාම ඉවත් නොවූවා නම් ලේ විලක් ඇති වීමට ඉඩ තිබුණු බවත් පොලිසිය, රේන්ජර් භටයන් සහ හඳුනා නොගත් පිරිසක් තාරික් ඊ ඉන්සාෆ් පක්ෂ ආධාරකරුවන් ප්‍රකෝප කරමින් එම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් තමාව ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ බව ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර තිබේ.
මේ සියල්ල පාකිස්තාන මුස්ලිම් ලීගය එන් පක්ෂයේ ප්‍රධාන සංවිධායක මර්යම් නවාස්ගේ උපදෙස් පරිදි සැලසුම් කර ඇතැයි ඉම්රාන් ඛාන් චෝදනා කර ඇත.
බලයේ සිටින්නන් සංයමයෙන් කටයුතු නොකළහොත් සියල්ල පාලනයෙන් තොර වනු ඇතැයි ඉම්රාන් ඛාන් අනතුරු අඟවා තිබේ.අධිකරණයේ නියෝග කඩ කරමින් සෝදිසි කිරීමට වරෙන්තුවක්වත් නොමැතිව තම නිවසට පොලිසිය කඩා වැදීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර තිබේ.
ටොක්ශානා නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් ඉම්රාන් ඛාන්ට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට ඉස්ලාමාබාද් මහාධිකරණය පෙරේදා (18) නියෝග කළේය.
ටොක්ශානා සිද්ධිය යනු ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයා ලෙස ධුර දරමින් සිටියදී රාජ්‍ය නායකයකුගෙන් ලැබුණු අත් ඔරලෝසුවක් ටොක්ශානා හි තැන්පත් නොකර විකිණීමට උත්සාහ කිරීම සහ එසේ ලැබුණු ත්‍යාගවල සත්‍ය තොරතුරු වසන් කළ බවට එල්ල වී ඇති චෝදනාවයි.පකිස්තාන නීතියට අනුව රාජ්‍ය නායකයන්ගෙන් පාකිස්තාන නායකයන්ට ලැබෙන ත්‍යාග ටොක්ශානා හි තැන්පත් කළ යුතු අතර එසේ නොකරන්නේ නම් එහි වටිනාකම ටොක්ශානා වෙත ගෙවිය යුතු වේ.
ඉස්ලාමාබාද් පොලිසිය ඉම්රාන් ඛාන් අත් අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ ආධාරකරුවන් සහ පොලිසිය අතර හටගත් ගැටුමෙන් පොලිස් නිලධාරීන් 50 දෙනකු තුවාල ලැබූ අතර ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් 59 දෙනෙක් අත් අඩංගුවට පත්වූහ.
දවස් දෙකකට ආසන්න කාලයක් පැවති මෙම ගැටුම හේතුවෙන් ඉම්රාන් ඛාන්ට, ඔහුගේ සමීපතම නියෝජිතයන් 17 දෙනකුට සහ ආධාරකරුවන් පිරිසකට එරෙහිව ත්‍රස්තවාදී චෝදනා ඇතුළු තවත් චෝදනා කිහිපයක් ගොනු කිරීමට ඉස්ලාමාබාද් පොලිසිය තීරණය කර ඇත.
(රොයිටර්)
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම
මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් ප්‍රකාශ කළේ, එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් කිසිදු අනතුරක් සිදු නොවුණු බවය. මොස්කව් අගනුවරට පැමිණි තවත් ඩ්‍රෝන 19 ක් විනාශ ක
ගාසා තීරය පහර දී සම්පූර්ණයෙන් අත්පත් කර ගැනීමේ සැලැස්මකට, ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන් බව පැවැසෙයි. ඒ, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්
සිරියාවේ ජාතික රූපවාහිනී සේවය යළි ඔවුන්ගේ විකාශය කටයුතු ආරම්භ කර ඇත. ඒ, සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් සිය ධුරයෙන් නෙරපා දමා මාස පහකට පසුවය.
දකුණු කාශ්මීරයේ පෙහෙල්ගාම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරය මුල්කොට ගනිමින්, ඉන්දියාව සමග අර්බුදයක් ඇතිකරගෙන සිටින පාකිස්තානයට එක්සත් ජාතීන්ගේ ආරක
ලතින් ඇමෙරිකාවට අයත් පේරු රාජ්‍යයේ රන් පතලකින් මළසිරුරු 13 ක් සොයා ගත් බව විදෙස් මාධ්‍ය පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
තමා ඝාතනයකට සැරැසෙනවා