
එවරස්ට් කඳු මුදුව විෂබීජවලින් පිරුණු තැනැක් යැයි ඇමරිකාවේ කොලරාඩෝ බෝල්ඩර් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥ කණ්ඩායමක් පළ කළ ලිපියක දැක්වෙයි.
මෙම ලිපිය පළ කර ඇත්තේ ‘ආක්ටික්, ඇන්ටාක්ටික්, ඇල්පයින් රීසර්ෂ්’ නමැති විද්‍යා සඟරාවේය.
මුහුදු මට්ටමින් මීටර් දහස් ගණනක් ඉහළින්, අධිල සීතල කාලගුණයක් පවතින එවරසට් හෙවත් හිමාල කන්ද වසර පුරා හිමෙන් වැසී පවතී. එවරස්ට් කන්ද තරණයට යන කඳු නගින්නන් බොහෝ දෙනකු රෝගී වෙයි. කිවිසුම් යවයි.
මෙම රෝගී පුද්ගලයන්ගේ විෂබීම සියල්ල සීතල වාතාශ්‍රයේ විසිරී පැතිරී පවතී. මිනිසා ලෙඩ කරන වයිරස වර්ග බොහොමයක් හිමාල අඩවියේ සීතලේ තැන්පත් වී ඇතැයි විද්‍යාඥ කණ්ඩායම පැහැදිලි කර තිබේ.
ඊට අමතරව, වසර ගණනාවක් තිස්සේ එවරස්ට් තරණය කිරීමට ගොස් මියගිය කඳු නගින්නන්ගේ මළසිරුරු හිමේ මිහිදන් කර ඇති අතර, ඒවා තවමත් ඉතා හොඳින් සැරැකිව පවතී. මෙවැනි මළසිරුරු 200 ක් පමණ තිබේ. ඒවායේ ඇති විෂබීජ එවරස්ට් කන්දේ හිමවලටත් පස්වලටත් එක් වෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපේ කඳු වල නම් එහෙම නැහැ, හැබැය් අපේ පාර්ලිමේන්තුවේ නම් විෂබීජ ජාති 225 ක්ම තියනවා.
මිනිහා කියන මිනිසා ගිය තැන ඉවරයි
ඔය කියන ආකාරයට ගෙවල්වල තියෙන ෆ්‍රිජ් වලිනුත් වෙළඳ ව්‍යාපාරය වල තියෙන ෆ්‍රිජ් වලිනුත් විෂභීජ පැතිරෙන්න පුළුවන් නේද කොටින්ම කිව්වොත් කැලෑවල අනන්ත ප්‍රමාණයක් සතුන් මැරෙනවා කුනුවෙනවා විෂබීජ නැද්ද මින්සුන්ගේ කිවිසුන් නිසා වාතය අපවිත්‍ර වෙන්නෙ හිමාලයේ විතරද මට නම් හිතන්නේ මේවා මනස්ගාත කියලා තමයි