
උතුරු කොරියාව තවත් කෙටි දුර බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බැලුවේය. දින තුනක් ඇතුළත උතුරු කොරියාව සිදු කළ තෙවැනි මිසයිල අත්හදා බැලීම මෙයයි.
මේ වනවිට දකුණු කොරියාව, ඇමෙරිකාව සමඟ එක් වී මහා පරිමාණයේ යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබේ. එම යුද අභ්‍යාසයට විරෝධයක් පළ කරමින්, උතුරු කොරියාව මෙසේ එම කෙටි දුර බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම කළ බව උතුරු කොරියානු රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
උතුරු කොරියාවේ මෙම මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් තමන් දැඩි විමසිල්ලෙන් පසුවුණු බව දකුණු කොරියානු හමුදාව සහ ඇමරිකන් හමුදාව පවසා තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd