
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, රුසියන් හමුදා පහර දී අල්ලා ගත් යුක්රේනයේ මරියුපෝල් නගරයේ සංචාරය කළේය.
මරියුපෝල් යනු නැගෙනහිර ඩොනෙස්ක් පළාතේ, පිහිටා ඇති ප්‍රධාන නගරවලින් එකකි. රුසියන් ආක්‍රමණය ආරම්භ කිරීමෙන් පසු රුසියන් ජනාධිපතිවරයා යුක්රේනයට පැමිණි පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි. ජනාධිපති පුටින් මෙසේ යුක්රේනය බලා පැමිණියේ විශේෂ ආරක්ෂාවක් යටතේය.
දේශසීමා හරහා හෙලිකොප්ටරයකින් මරියුපෝල් නගරයට ආ පුටින්, ඉන්පසු ආරක්ෂක අංශ පිරිවරා ගනිමින් නගරය පුරා සංචාරය කළේය. ඒ, රුසියන් හිතවාදී මරියුපෝල් වැසියන් සමඟ සහඳව කතාබහ කරමිණි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙලෙන්ස්කි කිව්වා මේ නගරය නම් කොහොමවත් අල්ලගන්න දෙන්නේ නැහැ කියලා .. ඔය දීල තියෙන්නේ අගේට.