
චීන ජනාධිපති ෂි ජින්පින් අද (20) නිල සංචාරයක් සඳහා රුසියාවට පැමිණීමට නියමිත බව චීන හා රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශයේ ආරංචි මාර්ග තහවුරු කර බව රුසියන් ටුඬේ පුවත් සේවය වාර්තා කර ඇත.
චීන ජනාධිපති ෂි ජින්පින් තෙවැනි වතාවට ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු මෙය ඔහුගේ ප්‍රථම නිල සංචාරය බවත් රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ජින්පින් රුසියාවට පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙය බවත් රුසියන් ටුඬේ පුවත් සේවය පෙන්වා දී තිබේ.
චීන ජනාධිපති ෂි ජින්පින් ලබන 22 වැනිදා තෙක් රුසියාවේ රැඳෙනු ඇතැයි එම පුවත් සේවය වාර්තා කර ඇත. ජනාධිපති ජින්පින් ගේ රුසියානු නිල සංචාරයේදී චීනය හා රුසියාව අතර හවුල්කාරිත්වය වර්ධනය කර ගැනීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුණගැසී සාකච්ඡා කිරීමටද නියමිත බව එම පුවත් සේවය පෙන්වා දී තිබේ.
රුසියාව සහ චීනය අතර ද්වි පාර්ශ්වික ගිවිසුම් කිහිපයක් සඳහා ද ජනාධිපති ජින්පින් ගේ නිල සංචාරයේදී අත්සන් තැබීමට නියමිතව ඇති බව පැවැසෙයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂි ජින්පින් අතර පසුගිය දෙසැම්බර් මාසයේ සිදු වූ දුරකතන සංවාදයක් අතරතුරු ජනාධිපති පුටින් කළ ආරාධනයක් පිළිගනිමින් මෙම සංචාරය සිදු කරන බව රුසියන් ටුඬේ පුවත් සේවය වාර්තා කර ඇත.
චීන ජනාධිපති ජින්පින් ගේ රුසියානු සංචාරය නිල වශයෙන් දැනුම් දීමෙන් පසුව ජාත්‍යන්තර අපරාධ අධිකරණය රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එරෙහිව වරෙන්තු නිකුත් කළ අතර ජින්පින් යුද අපරාධකරුවකු සමඟ ඔහුගේ නිල සංචාරයේදී ආහාර ගනු ඇතැයි බටහිර මාධ්‍ය වාර්තා කර ඇත.
කෙසේ වෙතත් රුසියානු ජනාධිපති පුටින් තමාගේ හොඳ මිතුරකු බව ජිනිපින් පෙන්වා දී ඇතැයි බටහිර මාධ්‍ය පෙන්වා දී තිබේ.එසේම චීනය සහ රුසියාව අතර හවුල්කාරීත්වයට සීමාවක් නොමැති බව පුටින් ප්‍රකාශ කර ඇතැයිද බටහිර මාධ්‍ය වාර්තා කර ඇත.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
267
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2109
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1609
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීන ජනපති රුසියාවට එනවා
ගනේගොඩ Monday, 20 March 2023 03:20 PM
දැන් ක්ෂී ජින් මහත්තයාටත් වරෙන්තුවක් නිකුත් කරයිද?