
තමන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් ඊට එරෙහි වෙන්නැයි ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
පොලිසිය ට්‍රම්ප් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇත්තේ 2016 ජනාධිපතිවරණයේ මැතිවරණ කටයුතු වලදී සිදුවුණු සිදුවීමක් නිසාය. අසැබි නළියක වන ස්ටෝර්මි ඩනියෙල්ස් සහ ට්‍රම්ප් අතරේ ‘හුටපටයක්’ පැවැතිණි.
ස්ටෝර්මි ඩනියෙල්ස් නිහඬ කිරීමට ට්‍රම්ප් ඇයට ඇමෙරිකන් ඩොලර් 1,30,000 ක මුදලකත් ගෙවා තිබේ. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත් වෙයි. තමන් අත්අඩංගුවට ගැනීමට එරෙහි වෙමින් විරෝධතා පවත්වන්නැයි ට්‍රම්ප් සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා තිබේ. ඒ, සමාජ මාධ්‍ය ඔස්සේය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර හිලරිවත් ගණන් නොගත්ත ක්ලින්ටන්මො-නිකා ලෙවින්ස්කි කෙස් එකට වඩා ට්‍රම්ප් ගැන හොයන්න තිබෙන උවමනාව මොකක්ද අම්මප? සමහර විට අනුර කුමාර මේ ගැන දන්නවා ඇති.
හේතුව තමා ලංකාවේ වගේ දෙසපාලුවන්ට ඕනෑම හොර වැඩක් කරලා ඇත පීදගෙන යන්න එරට නීතිය ඉඩ නොදීමත් ඕනෑම කුපාඩි වැඩක් අනුමත කරගෙන සද්ද නැතුව ඉන්න එමරටේ ජනතාව පුරුදු වෙලා නැති වීමත් ! ලංකාව මේ තත්වයේ තියෙන්නත් එම රටවල් ඒ තත්වයේ තියෙන්නත් හේතුව එයයී ! බිල් ක්ලින්ටන් එයාගේ අනියම් සම්බන්දය සදහා පොදු අරමුදල් භාවිත නොකිරීම නිසා ඔහු බේරුනා! මෝඩ ට්‍රුම්ප් තමන්ගේ පක්ෂයේ මැතිවරණ අරමුදල් තමන්ගේ අනියම් බිරිදට වන්දි ගෙවීම සදහා යොදා ගනිමින් මැතිවරණ නීතය කඩකලා ! නීතිය ඉස්සරහ ඔහුට ගැලවෙන්න අමාරු වෙයී!
මේ වගේ පොලිසියක් ලංකාවේ තිබුනානම් කොච්චර අගේද.