
යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන්, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් තමන්ටත්, රුසියානු රජයටත් පනවා ඇති සම්බාධකවලින් කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
‘බටහිර බලවතුන් අපට සම්බාධක පැනැවූයේ ආර්ථිකමය වශයෙන් අප අඩපණ කරන්නයි. ඒත් ආර්ථිකමය වශයෙන් අප අඩපණ වුණේ නැහැ.’ යැයි රුසියන් ජනාධිපති පුටින් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේ රජයේ ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමෙන් පසුවය.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි, රුසියානු හමුදාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ පසුගිය 2022 වසරේ පෙබරවාරි මාසයේය.
රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ යුක්රේනය උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් ‘නේටෝ’ සංවිධානයේ සාමාජිකයකු වීමට උත්සාහ කළ බැවිනි.
රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීම ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල දැඩි විරෝධයට හේතුවක් වූ අතර රුසියාවට, රුසියන් ජනාධිපති පුටින්ට, ආරක්ෂක අංශ ප්‍රධානීන්ට සම්බාධක පැනැවීම ඒ අනුව සිදුවිය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
264
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2107
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1609
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බටහිර රටවල් පැනැවූ සම්බාධකවලින් වැඩක් නෑ