
ශ්වසන ආසාදනයක් හේතුවෙන්, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා රෝමයේ රෝහලකට ඇතුළු කෙරුණු බව වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
පසුගිය දින කීපයේ පාප්තුමන් හුස්ම ගැනීමේ අපහසුවෙන් පෙළුනු බවත්, වෛද්‍ය උපදෙස් අනුව පාප්තුමන් රෝමයේ ගෙමේලි රෝහලට ඇතුළත් කෙරුණු බවත් වතිකානය ප්‍රකාශක මැටියෝ බෲනී නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී 86 හැවිරිදි පාප්තුමන්, ‘කොවිඞ් 19’ පරීක්ෂණයකට යොමු කළ බව ද පැවැසෙයි. එහිදී අනාවරණය වී ඇත්තේ පාප්තුමන් ‘කොවිඞ් 19’ ආසාදිතයකු නොවන බවය.
පාස්කු දේව මෙහෙය සඳහා තමන් ආපසු වතිකානයට පැමිණීමට සූදානමින් සිටින බව ද පාප්තුමන් පවසා ඇතැයි ද මැටියෝ බෲනී වැඩි දුරටත් පවසා තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු ඔවුන්ගේ ප්‍රශ්න ලෙඩ සුවකරගන්න පොර කාලා ලඟට යන්නේ.නමුත් පොප් ඔහුගෙයි ලෙඩ සුවකර ගන්න හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙලා .මට නිකන් කලකිරිලා වගෙයි ශාන්ත .මෝඩ මිනිස්සු මේවා කවදා තේරුම් ගනීද