
උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් ‘නේටෝ’ සංවිධානයේ සාමාජිකයකු වීමට ෆින්ලන්තයට අනුමැතිය ලබා දීමට තුර්කි පාර්ලිමේන්තුව තීරණය කර තිබේ.
ෆින්ලන්තයට ‘නේටෝ’ සාමාජිකත්වය ලබා දිය යුතු ද නැද්ද යන්න තුර්කි පාර්ලිමේන්තුවේ දී කළ ඡන්ද විමසුමේ දී මැති ඇමැතිවරුන් සියලු දෙනා ඒකමතිකව ඊට කැමැත්ත පළ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
‘නේටෝ’ යනු ඇමෙරිකාව, කැනඩාව ඇතුළු යුරෝපා රටවල් එක් වී රුසියාවෙන් එල්ල වන තර්ජනවලට එරෙහිව පිහිටුවාගත් යුද සන්ධානයයි. තුර්කිය ද ‘නේටෝ’ සංවිධානයේ ප්‍රබල සාමාජිකයෙකි. තුර්කි රජයට එරෙහිව කටයුතු කර නිසා ෆින්ලන්තයට ගොස් ජීවත් වන විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීහු බොහෝ දෙනෙක් වෙති. ඊට අමතරව තුර්කිය විසින් ‘ත්‍රස්තවාදීන්’ ලෙස නම් කළ බොහෝ දෙනෙක් ද ෆින්ලන්තයේ ජීවත් වෙති.
එහෙයින්, ‘නේටෝ’ සාමාජිකත්වය ලබා ගැනීමට නම්, තුර්කියේ අනුමැතිය ෆින්ලන්තයට අවශ්‍ය වී තිබුණි.
ෆින්ලන්තය ‘නේටෝ’ සාමාජිකත්වය ඉල්ලා සිටියේ, රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙනි.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කළහොත්, එය තමන්ට විශාල තර්ජනවයක් බව ෆින්ලන්තය පවසා ඇත. ෆින්ලන්තය රුසියාවට ද මායිම්ව පිහිටා ඇත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd