
එල්ල වී ඇති අපරාධ චෝදනාවලට මුහුණ දීමට තමන් සූදානම් බව පවසමින්, ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිව්යෝක් නුවරට පැමිණ සිටින බවත්, ඔහු නිව්යෝක් අධිකරණය හමුවේ පෙනී සිටිනු ඇති බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පවසයි.
ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට මැන්හැට්න් ජූරි සභාව තීරණය කළේ පසුගිය සතියේය. ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කළ ප්‍රථම අවස්ථාව ලෙස මෙය සැලකෙයි.
අධිකරණයට ඉදිරිපත් කිරීමේ දී ට්‍රම්ප්ට මාංචු නොදමනු ඇතැයි තමන් විශ්වාස කරන බව ට්‍රම්ප්ගේ නීතිඥවරයා පවසා ඇත. එසේම ට්‍රම්ප් අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසු ගොනු කර ඇති චෝදනා වල නීතිමයභාවය පිළිබඳව මෝසමක් ගොනු කරන බවත් එල්ල වී ඇති සියලු චෝදනාවලට ට්‍රම්ප් නිර්දෝෂි බවත් ඔහුගේ නීතිඥවරයා පෙන්වා දී ඇත.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
252
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2099
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1600
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චෝදනාවලට මුහුණ දෙන්න ට්‍රම්ප් සූදානම්