
කොලොම්බියානු ජාතික විමුක්තිකාමීන් ලෙස හඳුනා ගන්නා එරට කැරැලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් කොලොම්බියානු හමුදා සෙබළු නව දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
සෙබළුන්ට එල්ල වුණු එම ප්‍රහාරයෙන් පසු කොලොම්බියානු රජය සහ කැරැලිකරුවන් අතර ඇති කරගත් සාම ගිවිසුම දෙදරා ගොස් ඇතැයි ද පැවැසෙයි. ප්‍රහාරය මුල්කොට ගනිමින්, මේ වනවිට රජයේත් කැරැලිකරුවන්ගේත් නියෝජිතයන් අතරේ හදිසි හමුවක් පැවැත්වෙනු ඇතැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ.
කැරැලිකරුවන් සමඟ සටන් විරාමයක් ඇතිකර ගැණුනේත්, සාම වැඩපිළිවෙළක් ආරම්භ වූයේත් කොලොම්බියානු රජයේ මැදිහත් වීමෙනි.
කැරැලිකරුවන්ගේ ප්‍රහාරයෙන් කොලොම්බියානු රජයේ සොල්දාදුවන් මියගියේ කොලොම්බියා වෙනිසියුලා දේශසීමාවේ පිහිටි නෝත්‍ර දේ සැන්ටැන්ඩර් ප්‍රාන්තයේය.
මීට සති දෙකකට පෙර ද මෙක්සිකෝ සිටී නුවරදී කොලොම්බියානු රජයේ නියෝජිතයන් අතරේ සාකච්ඡා පැවැත්විණි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
265
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2108
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1609
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොලොම්බියානු හමුදාවට කැරැලිකරුවෝ පහර දෙති