IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ට්‍රම්ප්ට එරෙහි චෝදනා ගොනු කිරීම හෙට

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට මැන්හැට්න් ජූරි සභාව තීරණය කිරීමත් සමඟ ජනාධිපතිවරයෙකුට එරෙහිව අපරාධ චෝදනා ගොනුකළ ප්‍රථම අවස්ථාව ලෙස ඇමෙරිකානු ඉතිහාසයට එක් විය.

ඩොනල්ඞ් ට්‍රම්ප් හෙට (4) නිව්යෝර්ක් අධිකරණයේදී යටත් වීමට නියමිත අතර එහිදී ඔහුට එල්ල වී ඇති අපරාධ චෝදනා ප්‍රසිද්ධියේ කියවනු ලබයි.ජූරි සභාව අපරාධ චෝදනා ගොනු කිරීමට වැඩි ඡන්දයෙන් තීරණය කළත් එම ලියවිල්ල තවමත් මුද්‍රා තබා ඇති හෙයින් ට්‍රම්ප්ට විරුද්ධව එල්ල වී ඇති අපරාධ  චෝදනා සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරක් නොමැති බව ද පැවැසෙයි.

ට්‍රම්ප්ගේ නඩු විභාගය පැවැත්වෙන 15 වෙනි මහලේ හෙට (4) දිනට විභාග කිරීමට නියමිත සියලුම නඩු වෙනත් දිනකට කල් දමා ඇතැයි අධිකරණ ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත. එසේම අධිකරණයට පැමිණෙන මාර්ගය අවට මාර්ගබාධක යෙදවීමට තීරණය කර ඇති බවත් අනෙක් මහල් වල නඩු කටයුතු ද සීමා කර ඇති බවත් ආරංචි මාර්ග පෙන්වා දී තිබේ.

ට්‍රම්ප්ට මාංචු නොදමනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඔහුගේ නීතිඥවරයා ප්‍රකාශ කර ඇත. එසේම ට්‍රම්ප් අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසු ගොනු කර ඇති චෝදනා වල නීතිමයභාවය පිළිබඳව මෝසමක් ගොනු කරන බවත් එල්ල වී ඇති සියලු චෝදනාවලට ට්‍රම්ප් නිර්දෝෂි බවත් ඔහුගේ නීතිඥවරයා සඳහන් කර ඇත.

ට්‍රම්ප් හෙට(4) රාත්‍රියේ ඔහුගේ නිවසේදී පාක්ෂිකයන් අමතමින් කතාවක් සිදු කිරීමට නියමිතව තිබේ.එල්ල වී ඇති චෝදනා ප්‍රමාණය පැහැදිලි නැතත් ඔහුට වංචා සම්බන්ධව චෝදනා 30 කට අධික ප්‍රමාණයක් තිබෙන බව ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.

(රොයිටර්)

 



අදහස් (0)

ට්‍රම්ප්ට එරෙහි චෝදනා ගොනු කිරීම හෙට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 252 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2099 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1600 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site