
වහාම රුසියාවෙන් පිටවෙන්නැයි රුසියාවේ සිටින ඇමෙරිකානුවන්ට ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලික්නක් අනතුරු ඇඟවීමක් කර තිබේ.
ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා මෙම අනතුරු ඇඟවීම කළේ මොස්කව් නුවර සිටින ඇමෙරිකන් ජාතික ප්‍රවෘත්ති වාර්තාකරුවකු වන මාධ්‍යවේදී ඉවාන් ගෙර්සොවික් අත්අඩංගුවට ගැනීමට රුසියන් ආරක්ෂක අංශ කටයුතු කිරීමත් සමඟය.
මාධ්‍යවේදී ඉවාන් ගෙර්සොවික්, අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔත්තු බැලීමේ චෝදනා සම්බන්ධයෙනි. ඉවාන් ගෙර්සොවික් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකන් රජය, රුසියානු රජයට සිය අප්‍රසාදය ද පළ කර තිබේ.
මීට පෙර, මේ අයුරින්, රුසියාවේ සිටින සියලු ඇමෙරිකානුවන්ට වහා රුසියාවෙන් පිටවී යන්නැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් කළේ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට ඔන්න මෙන්න කියා තිබියදීය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd