තායිවාන ජනාධිපති සායි ඉන්ග් වෙන්, ග්වාතමාලා සහ බෙලීස් සංචාරයකට යෑමට සූදානම් වෙයි. මෙම සංචාරවලදී තමන් ඇමෙරිකන් කතානායක කෙවින් මැකාති හමුවීමට සූදානම් බව ජනාධිපතිවරිය පැවැසීම චීනයේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත.
ගුවාතමාලා සහ බෙලීස් සංචාරය අතරතුරදී තායිවාන ජනාධිපතිනිය ඇමෙරිකානු කතානායක කෙවින් මැකාති හමුවුවහොත් ඊට දැඩිව ප්‍රතිචාර දක්වන බව චීනය ප්‍රකාශ කර ඇත.
නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැතත් ජනාධිපති සායි ඉන්ග් වෙන්ගේ ගුවාතමාලා සහ බෙලීස් රටවල සිදු කරන දස දින නිල සංචාරය අවසානයේ ඇමෙරිකානු කතානායක කෙවින් මැකාති මුණ ගැසීමට නියමිතව ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.
චීනයේ තායිවාන සබඳතා කාර්යාලයේ ප්‍රකාශිකාවක වන සූ ෆෙන්ග්ලියාන් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති සායි ඉන්ග් වෙන් ඇමෙරිකානු කතානායක කෙවින් මැකාති මුණ ගැසීම එක් චීනයක් සංකල්පය උල්ලංඝනය කිරීමක් බවත් එය චීනය ප්‍රකෝප කිරීමක් බවත්ය.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
තායිවාන ජනාධිපති ග්වාතමාලා-බෙලීස් සංචාරයක