
තායිවාන ජනාධිපති සායි ඉන්ග් වෙන්, ග්වාතමාලා සහ බෙලීස් සංචාරයකට යෑමට සූදානම් වෙයි. මෙම සංචාරවලදී තමන් ඇමෙරිකන් කතානායක කෙවින් මැකාති හමුවීමට සූදානම් බව ජනාධිපතිවරිය පැවැසීම චීනයේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත.
ගුවාතමාලා සහ බෙලීස් සංචාරය අතරතුරදී තායිවාන ජනාධිපතිනිය ඇමෙරිකානු කතානායක කෙවින් මැකාති හමුවුවහොත් ඊට දැඩිව ප්‍රතිචාර දක්වන බව චීනය ප්‍රකාශ කර ඇත.
නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැතත් ජනාධිපති සායි ඉන්ග් වෙන්ගේ ගුවාතමාලා සහ බෙලීස් රටවල සිදු කරන දස දින නිල සංචාරය අවසානයේ ඇමෙරිකානු කතානායක කෙවින් මැකාති මුණ ගැසීමට නියමිතව ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.
චීනයේ තායිවාන සබඳතා කාර්යාලයේ ප්‍රකාශිකාවක වන සූ ෆෙන්ග්ලියාන් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති සායි ඉන්ග් වෙන් ඇමෙරිකානු කතානායක කෙවින් මැකාති මුණ ගැසීම එක් චීනයක් සංකල්පය උල්ලංඝනය කිරීමක් බවත් එය චීනය ප්‍රකෝප කිරීමක් බවත්ය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd