
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, දින 10 ක විදේශ සංචාරයක් සඳහා පුද්ගලික ජෙට් යානයකට යූරෝ ලක්ෂ 5 කට වඩා වැඩි මුදලක් වැය කර ඇති බව අනාවරණය වී තිබේ.
‘ද ගාඩියන්’ පුවත්පත සිදු කළ මෙම අනාවරණයත් සමඟ අග්‍රාමාත්‍යවරයාට දැඩි විවේචන එල්ල වීමට පටන්ගෙන ඇත.
ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක, බදු ගෙවන්නන්ගේ මුදල් යොදා ගනිමින් පසුගිය වසරේ සතියකට වැඩි කාලයක් ඔහු අදාල පුද්ගලික ජෙට් යානයෙන් සංචාරය කර ඇති බව ද පැවැසෙයි. මෙම සංචාරය සිදු කර ඇත්තේ, ඊජිප්තුව, ඉන්දුනීසියාව, ලැට්වියා සහ ඇස්ටෝනියා යන රටවලය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd