IMG-LOGO

ස්පාඤ්ඤ අගමැති චීන ජනපති හමුවෙයි

නිල සංචාරයක් සඳහා චීනයට පැමිණි ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චේස් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි.

ද්වීපාර්ශ්වික සබඳතා තරකර ගැනීමෙන් පසුව, රාජ්‍ය නායකයන් දෙදෙනාගේ වැඩි අවධානය යොමු වූයේ රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙනි.

රුසියන් යුක්රේන අර්බුදය විසඳීමට චීන ජනාධිපති ෂී ජින්පින්ගේ උපදෙස් පරිදි, චීනය සාම සැලැස්මක් ඉදිරිපත් කර තිබේ.

එම සාම සැැලැස්මට රුසියන් ජනාපධිති ව්ලැදිමීර් පුටින් කැමැත්ත පළ කර ඇති නමුත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අවධානය යොමු කර නැත.

ෂී ජින්පින් හමුවීමෙන් පසු මාධ්‍ය හමුවේ පෙනී සිටි ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, චීනය ඉදිරිපත් කළ සාම සැලැස්ම සම්බන්ධයෙන් තමන් තුළ පැහැදීමක් ඇති බවත්, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී ඒ ගැන අවධානය යොමු කළ යුතු බවත්ය.

චීනය ද ලෝක බලවතකු බවත්, රුසියන් යුක්රේන අර්බුදයට පැහැදිලි විසඳුමක් ඉදිරිපත් කිරීමට චීනය සමත් වේවි යැයි තමන් විශ්වාස කරන බවත් ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේය.

(රොයිටර්)



අදහස් (0)

ස්පාඤ්ඤ අගමැති චීන ජනපති හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 447 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 620 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 252 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site