
ෆින්ලන්ත පාර්ලිමේන්තු මැතිවරණය අද (2) ආරම්භ වෙයි. වත්මන් අගමැතිනිය සන්නා මරින්, ඇගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට නායකත්වය දෙමින් යළිත් වරක් මැතිවරණයට ඉදිරිපත් වෙයි.
34 හැවිරිදි සන්නා මරීන් ලොව ළාබාලතම අග්‍රාමාත්‍යවරියයි. මරීන්, ෆින්ලන්ත අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ 2019 දෙසැම්බරයේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගනිමිනි.
මෙවර මැතිවරණයේ දී සන්නා මරීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට, ‘ෆින්ස්’ පක්ෂයෙන් මෙන්ම, ‘ජාතික සන්ධානය’ පක්ෂයෙන් ද ප්‍රබල අභියෝගයක් එල්ල වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
‘ෆින්ස්’ යනු දක්ෂිණාංශික දේශපාලන පක්ෂයකි. ‘ෆින්ස්’ පක්ෂයට නායකත්වය දෙන්නේ රික්කා පූරාය.
සන්නා මරීන්ට අභියෝග කරන තෙවැනි ප්‍රතිවාදියා වන්නේ පෙටි්‍රයෝ ඕර්පෝය. ‘ජාතික සන්ධානය’ට නායකත්වය දෙන්නේ මොහුය. ඊට අමතරව, තවත් පක්ෂ 6 ක් මැතිවරණයට ඉදිරිපත් වී සිටී.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd