
ගුජරාට ප්‍රාන්තයේ සුරාට් අධිකරණය ලබා දුන් අධිකරණ නියෝගයට එරෙහිව අභියාචනා කිරීම සඳහා කොංග්‍රස් පක්ෂ ප්‍රධානී රාහුල් ගාන්ධි අද (3) ගුජරාට් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.
“හොරු සියලු දෙනාට පොදුවේ මෝදි නාමය තිබෙන්නේ කෙසේදැයි” මැතිවරණ රැළියකදී රාහුල් ගාන්ධි කළ ප්‍රකාශයක් හේතුවෙන් 2019 වසරේදී ගුජරාත් අමාත්‍ය පුර්නේෂ් මෝදි විසින් මෙම සාපරාධි අපහාස නඩුව ගොනු කර ඇත.
එම නඩුව විභාගයට ගනිමින් රාහුල් ගාන්ධි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට අපහාස කර ඇති බව තීන්දු කළ සුරාට් අධිකරණය වසර දෙකක සිර දඬුවමක් නියම කරමින් එය දින 30 කාලයක් අත් හිටුවා ඇප ලබා දුන්නේය.
ඔහුට අභියාචනා කිරීමට අවස්ථාව ලබා දීම සඳහා මෙසේ දඬුවම දවස් 30 ක කාලයක් අත්හිටුවන ලදී.
රාහුල් ගාන්ධිගේ සොයුරිය ප්‍රියංකා ගාන්ධි, කොංග්‍රස් පක්ෂය පාලනය කරනු ලබන ප්‍රාන්ත තුනේ මහ ඇමති වරුන් අභියාචනා කිරීම සඳහා අධිකරණයට පැමිණෙන විට රාහුල් ගාන්ධි සමඟ පැමිණෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
අභියාචනය විභාග කර අවසන් වන තෙක් අධිකරණ නියෝගය අත්හිටුවන ස්ථාවර නියෝගයක් ලැබ ගැනීමට රාහුල් ගාන්ධි බලාපොරොත්තු වන බවත් අධිකරණ නියෝගය අත්හිටුවීමේ නියෝගයක් ගුජරාට අධිකරණය ලබාදුන් හොත් ඉන් ඉන්දීය මහජන නියෝජන පනතේ 8 වැනි වගන්තිය උල්ලංඝනය වීම වැළැක්වෙන නිසා අහෝසි වූ ලොක් සභා මන්ත්‍රී ධුරය නැවත ලබා ගැනීමටද රාහුල් ගාන්ධිට අවස්ථාවක් තිබෙන බවත් කොංග්‍රස් පක්ෂ ආරංචි මාර්ග පෙන්වා දී තිබේ.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
252
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2099
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1600
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රාහුල්ගේ අභියාචනාව අද