ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පාකිස්තාන මහ මැතිවරණයේ දී, ‘පාකිස්තාන මුස්ලිම් ලීගය’ පක්ෂයේ මැතිවරණ කටයුතු ශක්තිමත් කිරීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු මෙන්ම හිටපු අග්‍රාමාත්‍යවරයකු ද වන නවාස් ෂරීෆ් ආපසු පාකිස්තානයට පැමිණෙනු ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.

පාකිස්තාන මාධ්‍ය මෙසේ වාර්තා කළේ එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් උපුටා දක්වමිනි. දූෂණ චෝදනා හේතුවෙන් සහ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් නවාස් ෂරීෆ් පදිංචි වී සිටින්නේ ලන්ඩන් නුවරය. වත්මන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්, නවාස් ෂරීෆ්ගේ සොහොයුරාය.

(රොයිටර්)