පෙර සැලැසුම් කළ පරිදි ඔත්තු නිරීක්ෂණ චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයට යැවීමට උතුරු කොරියානු හමුදාව සූදානම් වෙයි. මෙම චන්ද්‍රිකාව පෘථිවි කක්ෂයේ රැඳවෙනු ඇත්තේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ උපදෙස් අනුවය.
මෙය උතුරු කොරියාව, පෘථිවි කක්ෂයේ රඳවන පළමු ඔත්තු නිරීක්ෂණ චන්ද්‍රිකාව වනු ඇත. තමන් ඔත්තු නිරීක්ෂණ චන්ද්‍රිකාවක් නිපදවන බව උතුරු කොරියා රජය පළමු වරට නිවේදනය කළේ පසුගිය දෙසැම්බරයේය.
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පැහැදිලි කර ඇත්තේ සතුරු ඉලක්ක පහසුවෙන් හඳුනා ගැනීමට මෙම චන්ද්‍රිකාවට හැකියාව ලැබෙනු ඇති බවය. දකුණු කොරියාවෙන් සහ ඇමෙරිකාවෙන් එල්ල වන ‘තර්ජන’ පිටුදැකීමට තමන් මෙම චන්ද්‍රිකාව යොදා ගැනීමට බලාපොරොත්තු වෙන බව ද උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පැහැදිලි කර තිබේ.
උතුරු කොරියාව දිගින් දිගටම බැලැස්ටික මිසයිල අත්හදා බලයි. මෙය අසල්වැසි දකුණු කොරියාවට පමණක් නොව, ජපානයට ද තර්ජනයකි. මේ නිසා දකුණු කොරියාව, ජපානය සහ ඇමෙරිකාව එක් වෙමින්, උතුරු කොරියාවට තර්ජනයක් වන ආකාරයට යුද අභශාස ආරම්භ කර තිබේ.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
උතුරු කොරියාව ඔත්තු බලන්න චන්ද්‍රිකාවක් යවයි