
තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයේදී එක්සත් රාජධානියේ සන්නද්ධ හමුදාවන් හි සේවය කළ ප්‍රවීණයන් සහ සෞඛ්‍ය සේවකයන් 4,000 කට පමණ ලන්ඩනයේ බකිංහැම් මාලිගය ඉදිරිපිට ප්‍රධාන නැරඹුම් ස්ථානයක් ලබා දෙනු ඇති බව බ්‍රිතාන්‍ය රජය නිවේදනය කර ඇත.
සන්නද්ධ හමුදාවන් හි ප්‍රවීණයන්, ජාතික සෞඛ්‍ය සේවකයන් සහ රාජකීය පවුලට සම්බන්ධ පුණ්‍ය ආයතනවල නියෝජිතයන් සඳහා බකිංහැම් මාළිගය ඉදිරිපිට ඉදිකරන විශේෂ ශාලාවක පැනවූ ආසන 3800ක් පමණ සුදානම් කරන බව එම නිවේදනයේ දැක්වේ.
ඊට අමතරව මැයි 6 වැනිදා ලන්ඩනයේ අද්මිරාල් ආරුක්කුවේ පැවැත්වෙන රාජකීය පෙරහැර නැරඹීමට නිල ඇඳුමින් සැරසුණු ශිෂ්‍යභටයන් 354 කට අවස්ථාව සලසා දීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබේ.
මහජන සේවය වෙනුවෙන් තම ජීවිතය කැප කළ පුද්ගලයන් වෙනුවෙන් ජාතියේ ආචාරය පිරිනැමීමක් ලෙස මෙම අවස්ථාව ලබා දෙන බව සංස්කෘතික අමාත්‍ය ලූසි ෆ්‍රේසර් මහත්මිය ප්‍රකාශ කර ඇත.
මැයි 6 වැනිදා පැවැත්වෙන තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේකය බ්‍රිතාන්‍ය ඉතිහාසයේ නව පිටුවක් පෙරලන බවත් එවැනි අවස්ථාවක රාජාභිෂේක පෙරහැර ගමන් කරන මාර්ගය දෙපස බ්‍රිතාන්‍ය වෙනුවෙන් තම ජීවිතය කැපකළ පුද්ගලයන් සිටීම සතුටට කරුණක් බවත් ඇය පෙන්වා දී තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
251
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2099
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1600
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රාජාභිෂේකයට විශේෂ ඇරැයුම්