
වයඹදිග පාකිස්තානයේ මාර්ගයක් මතට පස් කන්දක් කඩා වැටුණි. මාර්ගයේ ගමන් කරමින් තිබුණු ට්‍රක් රථ සහ කන්ටේනර් රථ රැසක් පස්වලින් යට වුණු බවත්, පුද්ගලයන් දෙදෙනකු මියගිය බවත් වාර්තා විය.
පස් කඩා වැටුණේ පාකිස්තාන ඇෆ්ගන් දේශසීමා ආසන්නයේ කයිබර් ප්‍රාන්තයේ කඳුකර මාර්ගයකටය. පස් ඉවත් කරමින් වාහනවල සිරවුණු පිරිස් මුදා ගැනීමට කඩිනමින් මෙහෙයුම් ආරම්භ වූ බව ද පැවැසෙයි. ඊට සහන සේවකයන් 60 දෙනකු පමණ යෙදවුණු බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd