
රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට නම්, ඇමෙරිකාව යුක්රේනයට සහාය දක්වමින්, යුද්ධයට උඩගෙඩි දීම වහා නැවැත්විය යුතු යැයි බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා පවසයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිමරීට නම්, සාමයේ අවශ්‍යතාව ඇමෙරිකාවට දැනෙනවා නම්, කළ යුත්තේ යුක්රේනයට අවි ආයුධ දීම නොවෙයි, පුටින් සහ සෙලෙන්ස්කී හමුවීමට ඉඩ සලසා අර්බුදයට විසඳුම් සෙවීමයි යැයි බ්‍රසීල වාමාංශික නායක ලූලා පවසා තිබේ.
බ්‍රසීල ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ චීනයේ බෙයිජීං අගනුවර සංචාරයක් අතරතුරේය. රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට චීනය සාම සැලැස්මක් ද සකස් කර ඇත.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd