
රටවල් 30 ක බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් ගෝලීය බෞද්ධ සමුළුව ඉන්දියාවේ නවදිල්ලි නුවර දී ආරම්භ වීමට නියමිතය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් සමුළුව දෙදෙනක් පුරා පැවැත්වෙයි. සමුළුව ආරම්භ වනු ඇත්තේ අනිද්දා (20) ය.
බෞද්ධ සමුළුව සංවිධානය කර ඇත්තේ ඉන්දීය සංස්කෘතික අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය එක්වෙමිනි.
සමුළුවට ශ්‍රී ලංකාව, වියට්නාමය, ඇමරිකාව, ලාඕසය සහ බ්‍රසීලය ඇතුළු රටවල රැසක නියෝජිතයින් 171 දෙනෙකු සහභාගී වනු ඇතැයි ද පැවැසෙයි.
ගෝලීය බෞද්ධ සමුළුව පැවැත්වෙන්නේ මිනිසා මුහුණ දෙන ගැටලුවලට බුදු දහම ඇසුරින් විසඳුම් සෙවීමේ අරමුණින් යැයි ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය පවසා තිබේ.
(ඒ.එන්.අයි.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd