
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් උතුරු අයර්ලන්තය බලා පැමිණියේය. 1998 වසරේ දී, උතුරු අයර්ලන්තයේ දේශපාලන කටයුතුවලට ඇමෙරිකාව මැදිහත් වී, සාම ක්‍රියාවලියක් ස්ථාපිත කළේය.
ජනාධිපති ජෝ බයිඩන් උතුරු අයර්ලන්තයට යන්නේ එම සාම ක්‍රියාවලියේ 25 වැනි සංවත්සරය නිමිත්තෙනි.
උතුරු අයර්ලන්තය බලා යෑමට ‘එයාර් ෆෝස් 1’ ගුවන් යානයට ගොඩවීමට පෙර, බයිඩන් කියා සිටියේ සාම ක්‍රියාවලිය දිගටම පවත්වාගෙන යෑම වැදගත් බවය.
සාම ක්‍රියාවලිය ස්ථාපිත කිරීමට ඇමෙරිකාවට, මහා බි්‍රතාන්‍යයේ ද සහාය හිමිවිය. ‘බෙල්ෆාස්ට්’ එකඟතාව ලෙස හැඳින්වෙන්නේ ද මෙම සාම ක්‍රියාවලියයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd