IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


චීන රෝහලක ගින්නක්

චීනයේ බෙයිජිං නගරයේ පුද්ගලික රෝහලක ඇති වූ ගින්නකින් 29 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
රෝහලේ සිදු කරන අලුත්වැඩියා කටයුතු වලදී යොදා ගත් ගිනි ඇවිළෙන සුළු තීන්ත හේතුවෙන් ගින්න හටගන්නට ඇතැයි මූලික විමර්ශන කටයුතු වලදී අනාවරණය වූ බව චීන බලධාරීන් පෙන්වා දී තිබේ.

ගින්න එරට වේලාවෙන් දහවල් 1 ට පමණ හටගෙන ඇත. ගින්න ඇති වූ අවස්ථාවේ මහල් හතකින් යුත් එම ගොඩ නැගිල්ලෙන් පුද්ගලයන් ඉවත් කර ඇති අතර 39 දෙනකු පිළිස්සුම් තුවාල හේතුවෙන් ප්‍රතිකාර ලබා ගන්නා බවත් ඉන් තුන් දෙනකුගේ තත්ත්වය බරපතල බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ගින්න සම්බන්ධයෙන් පුද්ගලයන් 12 දෙනකු රඳවා තබා ගෙන ප්‍රශ්න කරන බව චීන බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

(රොයිටර්)



අදහස් (0)

චීන රෝහලක ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 246 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2098 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1597 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site