
ඇමෙරිකන් බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ 'ස්පේස් එක්ස්' සමාගම නිපදවූ අති දැවැන්ත මෙන්ම අති ප්‍රබල රොකට්ටුව, අත්හදා බැලීමක් වශයෙන් ගුවන්ගත කෙරුණු නමුත් එය උඩු ගුවනේ දී පුපුරා ගියේය.
ස්පේස් එක්ස් සමාගම මෙම රොකට්ටුව නම් කර තිබුණේ 'සුපර් හෙවි පූස්ටර්' යනුවෙනි. අභ්‍යවකාශ යානා ගුරුත්ව බලයෙන් මුදා ගනිමින්, අභ්‍යවකාශයට තල්ලු කිරීමේ අරමුණින් මෙම රොකට්ටුව නිර්මාණය කර තිබුණි.
ටෙක්සාස් ජනපදයේ බෝකා චීකා ගගන මධ්‍යස්ථානයෙන් රොකට්ටුව ගුවනට විදීම සිදුවිය.
ප්‍රබල ඇන්ජින් 33 කින් රොකට්ටුව සමන්විත වූ අතර, උඩු ගුවන බලා යද්දී රොකට්ටුවේ එම ඇන්ජින් නිසි ලෙස ක්‍රියාත්මක වූයේ නැත. පිපිරීම සිදුවූයේ ඉන් අනතුරුවය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙල්වල රොඩු තියෙන්න ඇති අනිවාර්යයෙන්ම... ඔය වගේ ඒවාට තෙල් ගන්න කොට විශ්වාස වන්ත ශෙඩ් එකකින් අරගෙන පෙරලා දාන්න ඕනේ... කොහේද මේ අයට කලබලේනේ. අපි යවපුවා පිපිරුවේ නෑනේ එකක්වත්....
ටෙක්සාස් ජනපදයේ බෝකා චීකා ගගන මධ්‍යස්ථානයෙන් රොකට්ටුව ගුවනට විදීම සිදුවිය. මොකටද බෝකා චීකාවලින් විදින්න ගියේ... මෙහේ ගෙනත් අපිට දුන්නා නම් අපි ඕකට විදිනවා ආගිය අතක් නැතිවෙන්න.