අංජුල මහීක වීරරත්න
කොතරම් වැඩ වර්ජන ඉල්ලීම් කළත් අසාධාරණ ඉල්ලීම් වලට මේ මොහොතේ විසඳීම් ලබා දිය නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
දෙන්න පුළුවන් ගානට දීලා තියෙන බව ඉල්ලන හැම කෙනාම තේරුම් ගත යුතු බවද ජනාධිපතිවරයා කීය.ජනාධිපතිවරයා මේ බව කීවේ වෘත්තීය සමිති නියෝජිත හමුව අමතමිනි.
"අයවැය සහ වැඩ කරන ජනතාව" යන තේමාවෙන් කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී අද (26)මෙම හමුව පැවැත්විණි.
"මේ ආණ්ඩුවෙන් තව ටිකක් කෑ ගැහුවොත් ගන්න පුළුවන් වේවි කියල සමහරු හිතනවා.මේ ආණ්ඩුවෙන් කවදාවත් කෑ ගහලා ගන්නත් බෑ.කෑ ගැහුවට දෙන්නෙත් නෑ.
අපි කෑ ගහන්න කලින් දෙනවා.අපි ප්‍රශ්න දන්නවා.අපි ඒ ප්‍රශ්න විසඳනවා.ඒකට අපිට පාරට බැහැලා කවුරුවත් කෑගහන්න අවශ්‍ය නැහැ.වැඩ වර්ජන, උද්ඝෝෂණ කරන්න ඕන නැහැ.හැම දෙනාගේම ප්රශ්නය අපි දන්නවා.හැම දෙනාගේම ප්රශ්නය කෑගහන්න කලින් අපි විසඳනවා.කෑ ගැහුවට විසඳුම් දෙන්න බැරි ඒවට විසඳුම් දෙන්න බැහැ.මේක තමයි ඇත්ත කතාව යනුවෙන්ද ජනාධිපතිවරයා එහිදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd