IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


මාධ්‍ය අසත්‍ය පුවත් පළ කරනවා

ඇමෙරිකා එක්සත් ජනපදය තුළ වෛරය පැතිරවීමේ අරමුණින් මාධ්‍ය ආයතන අසත්‍ය ප්‍රවෘත්ති පළ කරන බවට ජනාධිපති ජෝ බයිඩන් පසුගිය දා චෝදනා කළේ ය.

“ලාභ සහ බලය වෙනුවෙන් බොරු කියනවා” යැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා එරට මාධ්‍යවලට බරපතළ විවේචනයක් එල්ල කළේ ය. සිය කතාවේ දී ඇමෙරිකානු ජනාධිපතිවරයා කිහිප අවස්ථාවකදීම ෆොක්ස් නිව්ස් සම්බන්ධයෙන් ඍජුවත් වක්‍රාකාරවත් අදහස් දැක්වීය.

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් නැවත වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි කතාබහක් ඇති වී තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ මීළඟ ජනාධිපතිවරණය ලබන වසරේ දී පැවැත්වීමට නියමිත ය.

ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංසදයේ රාත්‍රී භෝජන සංග්‍රහයට එක්වෙමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ය.

“බොරුවලින් සත්‍ය වළ දාලා” යැයි ද හෙතෙම මෙහිදි කීය. ජෝ බයිඩන් ජනාධිපති ධුරයට තේරී පත්වූ ජනාධිපතිවරණයේ දී මැතිවරණ වංචාවක් සිදු වූයේ බරපතළ චෝදනාවක් එල්ල විය. එම චෝදනාව මූලිකව එල්ල වූයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාර්ශවයෙනි. ඊට ට්‍රම්ප්ට සහ රිපබ්ලිකන් පක්ෂයට හිතවත් මාධ්‍යවලින් දැඩි ප්‍රචාරයක් ලැබිණි.

කෙසේ නමුත් එය අසත්‍ය බව පැහැදිලිව අනාවරණය විය. එය මෑතකදී මැතිවරණයක් මුල් කරගනිමින් දක්නට ලැබුණු බරපතළ හා ප්‍රබල වැරැදි කුමන්ත්‍රණ න්‍යායක් (conspiracy theory) බවට පිළිගැනේ.

“ලාභ සහ බලය වෙනුවෙන් බොරු කියනවා. කුමන්ත්‍රණ න්‍යාය, බොරු , කුඩුකේඩුකම් වගේම දුෂ්ට අදහස් දිගින් දිගටම ව්‍යාප්ත වෙනවා. ඒවා නිසා කේන්තිය හා වෛරයේ චක්‍ර නිර්මාණය වෙනවා. මේ නිසා ප්‍රචණ්ඩත්වය ඇති වෙන්න පුළුවන්” යැයි ජෝ බයිඩන් කීය.

මේ නිසා නීතියේ ආධිපත්‍යයට, අපේ අයිතිවාසිකම්වලට මෙන්ම නිදහසට විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා යැයි ද ඔහු කීය.

ෆොක්ස් නිව්ස් මාධ්‍ය ආයතනය ජෝ බයිඩන් ඉලක්ක කරගනිමින් පළ කළ අසත්‍ය වාර්තා හේතුවෙන් මේ මස මුලදී ඩොමිනියන් වෝටින් සිස්ටම්ස් ආයතනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 787.5ක වන්දියක් ගෙවීමට සිදුවිය.

මැතිවරණ සඳහා භාවිත කරන යන්ත්‍ර සම්බන්ධයෙන් ෆොක්ස් නිව්ස් පුවත් ආයතනය පළ කළ අසත්‍ය ප්‍රවෘත්ති නිසා ෆොක්ස් නිව්ස් ආයතනයට එලෙස අදාළ සමාගමට වන්දි ගෙවීමට සිදුවීය. වන්දි ගෙවීම මඟින් අදාළ නඩුව සමථයකට පත් කරගැනිණි. 

(රොයිටර්)



අදහස් (0)

මාධ්‍ය අසත්‍ය පුවත් පළ කරනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 244 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2095 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1596 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site