IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


මාධ්‍ය ආයතන දෙකක ට්විටර් ගිණුම් අත්හිටුවයි

ඉන්දියාවේ මාධ්‍ය ආයතන දෙකක ගිණුම් තාවකාලිකව අත්හිටුවීමට ට්විටර් සමාගම පියවර ගෙන තිබූ පසුව නැවත ස්ථාපිත කර ඇත.

ඉන්දියාවේ ප්‍රවෘත්ති විකාශන ආයතනයක් වන එන්.ඩී.ටීවී. සහ එරට ප්‍රවෘත්ති කාර්යාංශයක් වන ඒ.එන්.අයි. යන ආයතන දෙකේ ට්විටර් ගිණුම් අත්හිටුවීමට සමාජ ජාල සමාගමක් වන ට්විටර් සමාගමක් පියවර ගෙන තිබිණි.

මෙම අත්හිටුවීම්වලට හේතු මොනවාදැයි සඳහන් නොකරමින් ට්විටර් සමාගම එම පියවර ගෙන තිබිණි. සිය ප්‍රධාන ට්විටර් ගිණුම් සීමා කර ඇතැයි ඒවා අත්හිටුවීමට පත්වීමෙන් පසු අදාළ ආයතන දෙක සඳහන් කර තිබිණි. කෙසේ නමුත් අදාළ ට්විටර් ගිණුම්වලට පනවා තිබූ සීමා පසුව ඉවත් කර තිබිණි.

සිය ට්විටර් ගිණුම නැවත ස්ථාපිත කිරීමෙන් අනතුරුව සිදු වු අපහසුතාව ය සම්බන්ධයෙන් ඒ.එන්.අයි. පුවත් කාර්යාංශය කනගාටුව පළ කර තිබිණි.

වයස් සීමාවේ අවශ්‍යතාව සපුරා නැති බැවින් ගිණුම ඉවත් කරන බවට පණිවුඩයක් ට්විටර් සමාගමෙන් ලැබී තිබූ බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ.එන්.අයි. පුවත් කාර්යාංශයේ කර්තෘ ස්මිතා ප්‍රකාශ් පැවැසීය.

එන්.ඩී.ටීවී විකාශන ආයතනය ඔවුන්ට අයත් වෙනත් ට්විටර් ගිණුමකින් මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබූ අතර එහි ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඉලෝන් මස්ක්ගේ නම ද සඳහන් කර තිබිණි (tag/ටැග්).

එන්.ඩී.ටීවී යනු ඉන්දියාවේ වැඩිම ට්විටර් අනුගාමිකයන් පිරිසක් සිටින ඉංග්‍රීසි බසින් ට්විටර් පණිවුඩ පළ කරන ට්විටර් ගිණුම වේ. අත්හිටුවීමට පෙර ඒ.එන්.අයි. ට්විටර් ගිණුමේ අනුගාමිකයන් මිලියන 7.6ක් සිටියහ. මෙම අත්හිටුවීම් සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයකින් පැහැදිලි කිරීමක් සිදු නොවිණි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ නැෂනල් පබ්ලික් රේඩියෝ (එන්.පී.ආර්.) සහ කැනඩාවේ විකාශන සංස්ථාව (බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් - සී.පී.සී) ආයතන සිය ට්විටර් ගිණුම්වල ට්විටර් පණිවුඩ නිකුත් කිරීම නැවැත්වීමට මේ මස මුලදී පියවර ගත්තේ ය. ට්විටර් සමාගම අදාළ ගිණුම් “රජයේ අරමුදලින්” ක්‍රියාත්මක වන ඒවා යැයි ලේබලයක් ඇලවීමත් සමඟ එලෙස ට්විටර් පණිවුඩ නිකුත් කිරීම නැවැත්වීමට අදාළ ආයතන දෙක පියවර ගත්තේ ය. කෙසේ නමුත් අදාළ ලේබල පසුව ඉවත් කෙරුණි.

එන්.ඩී.ටීවී ආයතනය ප්‍රකට ව්‍යාපාරික අදානිට අයත් ලැයිස්තුගත සමාගම් වන අතර ඒ.එන්.අයි. පෞද්ගලික සමාගමකි. මේ දෙකටම රජයෙන් මුදල් ලැබෙන බවට පැහැදිලි සාක්ෂියක් නොමැති ඒවාට රජයෙන් මුදල් ලැබෙන බවක් කොතැනකවත් සඳහන්ව නොමැත.

(රොයිටර්)



අදහස් (0)

මාධ්‍ය ආයතන දෙකක ට්විටර් ගිණුම් අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 244 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2095 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1596 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site