IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


නිව්යෝක් ගොඩනැගිල්ලක් ඇතුළතින් කඩා වැටෙයි

ඇමෙරිකාවේ නිව්යෝක් නුවර මහල් කීපයකින් සමන්විත රථගාලක් සහිත ගොඩනැගිල්ලක් හිටිහැටියේ කඩා වැටීමෙන් එක් අයකු ජීවිතක්ෂයට පත්වුණු බවත් සිවු දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් මාධ්‍ය වාර්තා කරයි.

ගොඩනැගිල්ල අභ්‍යන්තරයෙන් බිම් මහල තෙක් කඩා වැටී ඇතත් පිටත සැකිල්ලට කිසිඳු හානියක් සිදුවී නැතැයි නිව්යෝක් නගර බලධාරීහු පවසති.

සමාජ මාධ්‍ය ගොඩනැගිල්ල කඩා වැටී තිබෙන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන සංසරණය වන අතර, එහිදී කොන්ක්‍රීට් තට්ටු ඉරිතලා කඩා වැටීම හේතුවෙන් වාහන වලට හානි වී තිබෙන දැකගත හැකිය.

මියගියේත් තුවාල ලැබුවේත්, රථ ගාලේ සිටි සේවකයන්ය. තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල යැයි ද පැවැසෙයි.

ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ බව නගර බලධාරීහු වැඩි දුරටත් කියා සිටිති.

(රොයිටර්)



අදහස් (0)

නිව්යෝක් ගොඩනැගිල්ලක් ඇතුළතින් කඩා වැටෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 18106 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18076 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10825 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 483 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 146 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 818 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site