
පැපුවා නිව්ගිනියාවේ විදේශ අමාත්‍ය ජස්ටින් ටකැචෙන්කෝ සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ, ලන්ඩන් නුවර තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේකය සදහා සිදුකළ සංචාරයට එක්වූ දූත පිරිසේ වියදම් සම්බන්ධයෙන් ඇති වූ මත භේදාත්මක තත්ත්වය හේතුවෙනි.
පැපුවා නිව්ගිනියාහි විදේශ අමාත්‍යවරයා, ඔහුගේ දියණිය සමග එම සංචාරයට සහභාගි වූ අතර, ඇය එම ගමන අතරතුර සිය පළමු පන්තියේ ගුවන් ගමන හා සිංගප්පූරුවේ සාප්පු සවාරිය සම්බන්ධයෙන් වන වීඩියෝවක් ටික්ටොක් සමාජ මාධ්‍ය ගිණුමට එක්කර තිබුණි.
එම වීඩියෝවට දැඩි ආන්දෝලනයක් ඇති කිරීමට හේතුවක් වූ අතර, පාර්ලිමේන්තුව පිටත විරෝධතා පවා පැවැත්විණි.
විරෝධතා උත්සන්න වෙද්දී පැපුවා නිව්ගිනියාවේ අගමැතිවරයාගේ උපදෙස් මත විදේශ අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
232
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2088
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1596
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චාල්ස් රජු හමුවුණු විදෙස් ඇමැතිට විරෝධයක්