
පැපුවා නිව්ගිනියාවේ විදේශ අමාත්‍ය ජස්ටින් ටකැචෙන්කෝ සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ, ලන්ඩන් නුවර තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේකය සදහා සිදුකළ සංචාරයට එක්වූ දූත පිරිසේ වියදම් සම්බන්ධයෙන් ඇති වූ මත භේදාත්මක තත්ත්වය හේතුවෙනි.
පැපුවා නිව්ගිනියාහි විදේශ අමාත්‍යවරයා, ඔහුගේ දියණිය සමග එම සංචාරයට සහභාගි වූ අතර, ඇය එම ගමන අතරතුර සිය පළමු පන්තියේ ගුවන් ගමන හා සිංගප්පූරුවේ සාප්පු සවාරිය සම්බන්ධයෙන් වන වීඩියෝවක් ටික්ටොක් සමාජ මාධ්‍ය ගිණුමට එක්කර තිබුණි.
එම වීඩියෝවට දැඩි ආන්දෝලනයක් ඇති කිරීමට හේතුවක් වූ අතර, පාර්ලිමේන්තුව පිටත විරෝධතා පවා පැවැත්විණි.
විරෝධතා උත්සන්න වෙද්දී පැපුවා නිව්ගිනියාවේ අගමැතිවරයාගේ උපදෙස් මත විදේශ අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd