IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


තමන්ගේ ජීවිතයට තර්ජනයක්

තමන්ගේ ජීවිතයට තර්ජනයක් ඇති බවත්, මසූද් චප්රාසි අත්වුණු ඉරණම තමන්ට ද අත්විඳීමට සිදුවනු ඇති බවත් රිමාන්ඞ් බන්ධනාගාරයේ පසුවන ඉම්රාන් ඛාන් සිය නීතීඥවරුන් හරහා මාධ්‍ය වෙත දන්වා ඇත.

පසුගිය වසරේ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ට මුදල් විශුද්ධිකරණ චෝදනා  එල්ල වී තිබුණි. ඊට අදාල නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු වූයේ මසූද් චප්රාසි නමැත්තාය. ඒත් විශේෂ ආරක්ෂාවක් යටතේ සිටි මසූද් චප්රාසි හදිසියේ මියගිය අතර, ෂෙහ්බාස් ෂරීෆ් ඔහුට එල්ල වුණු චෝදනාවලින් නිදහස ලැබුවේය.

70 හැවිරිදි ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම සිදුවූයේ පසුගිය 9 වැනිදා සවසය. ඉම්රාන් ඛාන්ට දූෂණ චෝදනා සහ රජය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා ආදී වශයෙන් චෝදනා රැසක් එල්ල වී තිබේ. පසුගිය 9 වැනිදා ඉම්රාන්, සිය පක්ෂ ආධාරකරුවන් ද සමඟ ඉස්ලාමාබාද් අධිකරණයට පැමිණියේ එසේ එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධ නඩුවකට පෙනී සිටීමටය.

කෙසේ නමුත් පාකිස්තාන හමුදාවේ අතිරේක බලඇණියක් ඉම්රාන් අධිකරණ භූමියේ දී අත්අඩංගුවට ගත්තේය. ඒ, තවත් දූෂණ චෝදනා දෙකක් සම්බන්ධයෙනි. පාකිස්තානය පුරා ප්‍රචණ්කාරී ආකාරයට විරෝධතා ආරම්භ වූයේ ඉන්පසුවය.

විරෝධතා හේතුවෙන් ඉස්ලාමාබද් නුවර පොලිස් මූලස්ථානයේදී විශේෂ ආරක්ෂාවක් මැද ඉම්රාන්ට එල්ල වුණු චෝදනා විභාග කිරීම සිදුවිය. පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් දින අටක රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට එරට අධිකරණය අද අවසර ලබා දුන්නේය.

(රොයිටර්)



අදහස් (0)

තමන්ගේ ජීවිතයට තර්ජනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site