
තායිලන්ත මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙමින් පවතින අතර, එරට ප්‍රගතශීලී විපක්ෂය ලෙස මැතිවරණයට ඉදිරිපත් වුණු ‘පෙරමුණ පක්ෂය’ සහ ‘පූ තායි’ පක්ෂය ඉදිරියට පැමිණ සිටින බව වාර්තා වේ.
‘පෙරමුණ පක්ෂය’ ඡන්ද මිලියන 13.5 ක් ද ‘පූ තායි’ පක්ෂය මිලියන 10.3 ක් ද දිනා ගත් අතර, අග්‍රාමාත්‍ය ප්‍රයාත් චාන් ඕචාගේ ‘එක්සත් තායි ජාතික පක්ෂය’ ප්‍රමුඛ තායිලන්ත හමුදාවට හිතවාදී දේශපාලන පක්ෂ දිනා ගත්තේ ඡන්ද මිලියන 4.5 ක් පමණය.
තායිලන්තයේ තරුණ බලවේගය ලෙස සැලකෙන ‘පෙරමුණ පක්ෂය’ පිහිටුවූයේ 2020 වසරේදීය. ‘පූ තායි’ පක්ෂය ෂිනවාත්‍රා පවුලේ දේශපාලන බලවේගයයි. මෙවර හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ෂිනවාත්‍රගේ දියණිය පෙයිටොන්ටාන් ෂිනවාත්‍රා පක්ෂය මෙහෙයවූවාය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd