
චීන ධීවර යාත්‍රාවක් ඉන්දීය සාගරයේ අනතුරට පත් වුණු බවත්, එහි සිටි 39 දෙනකු අතුරුදන් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ධීවර යාත්‍රාව අනතුරට පත් වී පෙරැළී යද්දී එහි චීන නාවිකයන් 17 දෙනකු, ඉන්දුනීසියානු නාවිකයන් 17 දෙනකු සහ පිලිපීන නාවිකයන් පස් දෙනකු සිට ඇත.
අනතුරින් පසු මුහුදට බිලිවුණු කිසිවකු මෙතෙක් හමුවී නොමැති බව වෙරළාරක්ෂක නිලධාරීහු පවසති.
සෝදිසි මෙහෙයුම් දිගටම සිදුවෙමින් පවතී. අතුරුදන් වූවන් සෙවීමට චීන නාවික යාත්‍රා කීපයක් යොදවා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පසුගිය මාසයේ පිලිපීන මුහුදු තීරයේදී චීන කැණීම් යාත්‍රාවක් පෙරලීමෙන් චීන කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනකු ද ජීවිතක්ෂයට පත්වූ බව ද මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පෙන්වා දෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd