
ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ අකෝලා නගරයේ හටගත් ආගමික ගැටුම්වලට දිනෙන් දින උත්සන්න වෙමින් පවතී. ගැටුම් හේතුවෙන් පොලිස් අත්අඩංගුවට පත් වුණු ගණන 130 කකට වැඩිය.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ගැටුම් හේතුවෙන් එක් පුද්ගලයකු මියගොස් අටදෙනකු තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවය. තුවාල ලැබූවන් අතර පොලිස් නිලධාරිනියක් ද සිටින බව පැවැසෙයි.
හින්දු මුස්ලිම් ගැටුම්වලට හේතුව බොලිවුඞ් චිත්‍රපටයකි. ‘කේරළ ස්ටෝරි’ නමැති චිත්‍රපටයයි. ‘කේරළ ස්ටෝරි’ චිත්‍රපටයට තේමා වී ඇත්තේ අයි.එස්. ත්‍රස්ත සංවිධානයට එක්වීමේ අරමුණින්, මුස්ලිම් ආගමට හැරෙන හින්දු කාන්තාවන් පිරිසක් ගැන කතාවකි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd