
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් අතරේ හමුවක් අ පැවැත්වීමට නියමිතය.
යුක්රේන ජනාධිපතිවරයා, පාප්තුමා හමුවනු ඇත්තේ, රුසියන් යුක්රේන අර්බුදයට වතිකානය මැදිහත් වී සකස් කළ සාම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට යැයි ද පැවැසෙයි.
රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ පසුගිය 2022 පෙබරවාරි මාසයේය. ඒ, යුක්රේනය ‘නේටෝ’ සාමාජිකත්වය අපේක්ෂා කළ බැවිනි.
උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් ‘නේටෝ’ සංවිධානය යනු ඇමෙරිකාව, කැනඩාව ඇතුළු බටහිර රටවල් එක් වී රුසියාවට එරෙහිව පිහිටුවාගත් යුද සන්ධානයයි.
යුක්රේනයට ‘නේටෝ’ සාමාජිකත්වය හිමිවීම රුසියාවට තර්ජනයකි. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ එහෙයිනි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd