
ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ, බ්‍රවුන්ස්විල් නමැති දේශසීමා නගරයේ බස් නැවැතුම්පොළකට මෝටර් රථයක් කඩා වැදීමෙන් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 10 කි.
බ්‍රවුන්ස්විල් නගරයට ආ සංක්‍රමණිකයන් සහ නිවාස අහිමි පිරිස් බස් රියක් පැමිණෙන තුරු බස් රථ නැවැතුම්පොළේ රැඳී සිටි බවත්, මෝටර් රථය පැදවූ තැනැත්තා එම පිරිස් ගැන වෛරයෙන්, ඔවුන්ට අනතුරක් කිරීමේ අරමුණින්, බස් නැවැතුම්පොළට කඩා වැදුණු බව පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd