
ඇෆ්ගන් තලේබාන් රජයේ, විදේශ සබඳතා අමාත්‍ය මෞලවි අමීර් ඛාන් මුටාකීට, පාකිස්තානය බලා යෑමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අවසරය හිමිවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෞලවි අමීර් ඛාන් මුටාකී පාකිස්තානයට යන්නේ, පාකිස්තානයට පැමිණෙන චීන රජයේ නියෝජිත කණ්ඩායමක් හමුවීමේ අරමුණින්ය. ඊට අමතරව පාකිස්තාන රජයේ නියෝජිතයන් සමග ද මෞලවි අමීර් ඛාන් මුටාකී සාකච්ඡා පැවැත්වීමට සූදානමින් සිටී.
චීන විදේශ ඇමැතිවරයා සහ පාකිස්තාන විදේශ ඇමැතිවරයා හමුවී සාකච්ඡා කිරීමට මෞලවි අමීර් ඛාන් මුටාකී බලාපොරොත්තු වන බව තලේබාන් රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd