ඉන්දියාවේ, දකුණු කේරළ ප්‍රාන්තයේ, මලප්පුරාම් දිස්ත්‍රික්කයේ, සිදුවුණු සංචාරක බෝට්ටු අනතුරකින් 22 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
බෝට්ටුව අනතුරට පත්වෙද්දී එහි පමණ ඉක්මවා සංචාරකයන් සිට ඇතැයි පොලිසිය කියයි. බෝට්ටුව අනතුරට පත් වී ගිලී යද්දී එහි සිටි ගණන 50 කට වැඩිය.
පොලිසිය පවසා ඇත්තේ බෝට්ටුවේ ඉඩ තිබුණේ 25 දෙනකුට පමණක් කියාය. අනතුරට පත් වී පෙරැළී ගියේ තට්ටු දෙකනින් සමන්විත බෝට්ටුවකි.
දියේ ගිලීමෙන් මියගිය පිරිස අතර කුඩා දරුවන් සහ කාන්තාවන් බොහෝ දෙනකු සිටින බව පැවැසෙයි. අනතුරත් සමඟ දියට වැටුණු පිරිස් සොයා දිවි ගලවා ගැලීමේ මෙහෙයුම් මේ වනවිට ආරම්භ වී ඇත.
කේරළ බෝට්ටු අනතුර සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කම්පාවට පත් වුණු බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිඩුඩයකින් පවසා තිබේ.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉන්දියාවේ බෝට්ටු අනතුරිකින් 21 න් මරුට