
ඉන්දියාවේ, දකුණු කේරළ ප්‍රාන්තයේ, මලප්පුරාම් දිස්ත්‍රික්කයේ, සිදුවුණු සංචාරක බෝට්ටු අනතුරකින් 22 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
බෝට්ටුව අනතුරට පත්වෙද්දී එහි පමණ ඉක්මවා සංචාරකයන් සිට ඇතැයි පොලිසිය කියයි. බෝට්ටුව අනතුරට පත් වී ගිලී යද්දී එහි සිටි ගණන 50 කට වැඩිය.
පොලිසිය පවසා ඇත්තේ බෝට්ටුවේ ඉඩ තිබුණේ 25 දෙනකුට පමණක් කියාය. අනතුරට පත් වී පෙරැළී ගියේ තට්ටු දෙකනින් සමන්විත බෝට්ටුවකි.
දියේ ගිලීමෙන් මියගිය පිරිස අතර කුඩා දරුවන් සහ කාන්තාවන් බොහෝ දෙනකු සිටින බව පැවැසෙයි. අනතුරත් සමඟ දියට වැටුණු පිරිස් සොයා දිවි ගලවා ගැලීමේ මෙහෙයුම් මේ වනවිට ආරම්භ වී ඇත.
කේරළ බෝට්ටු අනතුර සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කම්පාවට පත් වුණු බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිඩුඩයකින් පවසා තිබේ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd