
සර්බියාවේ පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් දරුවන් 8 දෙනකු සහ ආරක්ෂක අංශ නිලධාරියකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.
වෙඩි තැබීම සිදුවූයේ උදේ 8.30 ට පමණ බෙල්ග්‍රේඩ් නුවර ව්ලැදිස්ස්ලාව් රිබ්නිකාර් නමැති පාසලේය.
වෙඩි තැබීම කළේ යැයි පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ 14 හැවිරිදි සිසුවෙකි. මෙම සිසුවා පියාගේ ගිනි අවිය පාසලට රැගෙනවිත් වෙඩි තැබීම සිදු කළ බව පැවැසෙයි.
සිද්ධිය ගැන පොලිස් විමර්ශන දිගටම පැවැත්වෙන බව ද වාර්තා වේ.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd