
රුසියන් හමුදා, යුක්රේනයේ කීව් අගනුවර ඇතුළු සෙසු ප්‍රධාන නගර ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කළේය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙය රුසියන් හමුදාව යුක්රේනය ඉලක්ක කර ගනිමින් එල්ල කළ විශාලතම ඩ්‍රෝන යානා ප්‍රහාරය බවය.
ඩ්‍රෝන යානා ප්‍රහාරවලින් සහ මිසයිල ප්‍රහාරවලින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, සිවිල් වැසියන් පස් දෙනකු තුවාල ලැබූ බව පැවැසෙයි. රුසියන් හමුදා මෙම ප්‍රහාරයට යොදා ගත් බව පැවැසෙන්නේ ‘කමකාසී’ වර්ගයේ ඩ්‍රෝන යානාය.
එල්ල වුණු එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසු, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, රුසියාව විවේචනය කරමින් මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමක් කළේය.
රුසියාව නාසි ජර්මනියට සමාන කරමින්, යුක්රේන ජනාධිපතිවරයා පැවැසුවේ, රුසියාවට කිසිම අවස්ථාවක ජයග්‍රහණය කිරීමට ඉඩක් නොලැබෙනු ඇති බවය.
දෙවැනි ලෝක යුද්ධයේදී රුසියන් හමුදා ජර්මන් නාසිවරුන් පරාජය කරමින් මහා ජයග්‍රහණයක් අත්පත් කර ගත්තේ 1945 මැයි 8 වැනිදාය. එම විජයග්‍රහණය සමරමින් රුසියාවේ සැමරුම් උත්සව පැවැත්වෙයි. ඒ, විශේෂ ආරක්ෂාවක් යටතේය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
232
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2088
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1596
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියාවෙන් යුක්රේනයට මිසයිල ප්‍රහාර මාලාවක්