ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා සහ බිරිඳ යූකෝ, නිල සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවර බලා පැමිණියහ.

ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගනිමින්, උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජනවලට මුහුණ දෙන ආකාරය සම්බන්ධන් ද සාකච්ඡා පැවැත්විණි. දකුණු කොරියානු ජනාධිපති යූන්ගෙන් ජපාන අග්‍රාමාත්‍යවරයාට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

ජපාන අග්‍රාමාත්‍යවරයකු මෙසේ දකුණු කොරියාව බලා පැමිණියේ වසර 12 කට පසුව වීම විශේෂත්වයකි.

(රොයිටර්)