ඇමෙරිකාවේ, ටෙක්සාස් ජනපදයේ ඩලාස් නුවර, සුපිරි වෙළෙඳ සංකිර්ණ ගොඩනැගිල්ලක සිදුවුණු වෙඩි තැබීමකින් කුඩා දරුවන් සහ කාන්තාවන් ද ඇතුළු 9 ක් තුවාල ලැබූහ.

තුවාල ලැබූවන් කඩිනමින් රෝහල්වලට ඇතුළත් කෙරුණු බව ද වාර්තා වේ. වෙඩි තැබීම සිදුවූයේ ‘ඇලන් ප්‍රෙමියම්’ සුපිරි වෙළෙඳ සංකිර්ණයේය.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. පොලිසිය පෙරළා කළ වෙඩි තැබීමකින් වෙඩි තැබීම කළ තැනැත්තා මියගිය බව ද පැවැසෙයි.

(අල් ජසිරා)