
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉලක්ක කර ගනිමින් ක්‍රෙම්ලීනයට එල්ල වුණු ඩ්‍රෝන ප්‍රහාරය පසුපස ඇමෙරිකාව සිටින බවට එල්ල වන චෝදනා ඇමෙරිකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
රුසියාව චෝදනා කර ඇත්තේ, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී සහ ඇමෙරිකාව එක් වී, ප්‍රහාරය එල්ල කළ බවටය.
නියමුවනන් රහිත එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් කිසිවකුටවත් අනතුරක් සිදු නොවිණි. ‘ඩ්‍රෝන ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව අපට ඇඟිල්ල දිගු කරනවා. ඒත් අපේ සම්බන්ධයක් නැහැ.’ යැයි ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක ප්‍රකාශක ජෝන් කර්බි පැහැදිලි කර තිබේ.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd