දකුණු සර්බියාවේ, ම්ලැඩෙනොවික් නමැති නගරයට නුදුරින් සිදුවුණු වෙඩි තැබීමකින් 8 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 13 ක් බව පැවැසෙයි.

මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරු වෙඩි තැබීම කර පලා ගොස් ඇති බවත් ඔහු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් පොලිසිය පවසයි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

(එන්.ඩී.ටීවී.)