
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ෆින්ලන්තයට පැමිණියේය. ඒ, ෆින්ලන්තයේ පැවැත්වෙන රාජ්‍ය නායක හමුවකට සහභාගී වීමටය.
ස්වීඩන, නෝර්වේ, අයිස්ලන්ත සහ ඩෙන්මාර්ක රාජ්‍ය නායකයන් ෆින්ලන්තයේ හෙල්සින්කී නුවරට රැස් වෙයි. ඒ නෝඩික් Nordic රරටවල රජ්‍ය නායක සමුළුව වෙනුවෙනි.
ස්වීඩනය, නෝර්වේ රාජ්‍යය, අයිස්ලන්තය සහ ඩෙන්මාර්කය අයත් වන්නේ නෝඩික් රටවල් අතරටය.
මෙවර සමුළුවේ ප්‍රධාන තේමාව රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගයයි. හටගත් යුද්ධයේ දී නෝඩික් රටවල සහාය ලැබෙන්නේ යුක්රේනයටය.
යුද්ධය ඉක්මනින් අවසන් වී සාමකාමී වාතාවරණයක් නිර්මාණය වනු දැකීම තම අරමුණ බව නෝඩික් නායකයෝ පෙන්වා දී ඇත.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd